මාස 5කට වගේ කලින් පොඩි සයිට් එකක් පටන් ගත්තා.Android App එකක් ඩවුන්ලෝඩ් කරන්න දෙන එක තමයි ප්‍රධාන අරමුණ උනේ.පහලින් තියෙනවා පින්තූර දෙකක්.එකක් තමයි මගේ සයිට් එකේ ප්‍රධාන පිටුව.පේනවනේ තියෙන දේවල්.
Home Page එකේ වචන 1000ක් පමණ තියෙනවා.
Downloadඑකේ වචන 500ක් පමණ තියෙනවා
How to පේජ් එකේ මම මාසෙට 3න් සැරයක් වගේ පෝස්ට් දානව ඒ අදාල ඇප් එක ගැන වගේම ඊට අදාල මාතෘකා ගැන.
FAQ Page එකේ තියෙන්නෙ ප්‍රශ්න හා පිලිතුරු එම ඇප් එක ගැන.
මේක හදන්න ගත්තු Theme එක නම් මතක විදිහට සල්ලි දීලා ගත්තු එකක්.
Domain එක ගත්තෙ "Keyword.VIP." කියන නමින්. මේකම ගන්න ඕනෙ නෑ. ..com,net,info,io,download,xyz,org ඕනෙ එකක් හොඳයි
හොස්ට් කරලා තියෙන්නෙ NameCheap එකේ.
සයිට් එකට මාස 5ක් වගේ වෙනවා.
මේ මුලු මාස 5 පුරාවටම මම ගොඩාක් Social Sites වල මේ සයිට් එක Share කරලා තියෙනවා. (Faceook,Twitter,pinterest)
Youtube Videos 25ක් වගේ තියෙනවා.Video Description එකේ මම සයිට් එකේ ලින්ක් එක දාලා තියෙන්නෙ.
Forum වලින් ලින්ක් මේ මාස 5ටම 15ක් වගේ අරන් ඇති.මගේ ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් නිසා ඇන්ඩ්‍රොයිඩ් වලට අදාල Forum වලම ගන්න බලන්න
Profile Link 10ක් වගේ හදලා ඇති.ඒ මොනවද කියලා ගූගල් කරල බලන්න.මගෙන්නම් අහන්න එපා.මොකක් හරි ලොකූ සයිට් එකක ඔයාලා ඔයලගේ මේල් එක දීල ප්‍රොෆයිල් එකක් හැදුවම අපිට පුලුවන් අපේ ප්‍රොෆයිල් එකේ අපේ සයිට් එක දාන්න.ඒවට තමයි ප්‍රොෆයිල් ලින්ක්ස් කියන්නෙ.
මාස දෙකක් වගේ ගිහාම තමයි බැක්ලින්ක්ස් හදන්න පටන් ගත්තෙ..
බැක්ලින්ක් 8යි සයිට් එකටම තාම හදලා තියෙන්නෙ
Medium.com , Wordpress, Blogspot, tumblr, Weebly වගේ සයිට්ස් වල පෝස්ට් දලා එතනින් තමයි backlinks අරගෙන තියෙන්නෙ.මේ ඔක්කොම Free සයිට්ස්
තාම පොඩි දේවල් ටිකක් විතරයි කරලා තියෙන්නෙ. සයිට් එක First Page එකේ 7 වෙනි තැන දැන් තියෙනවා.
මෙතන තියෙන්නෙ වැදගත් දේවල් ටිකක් විතරයි.ඒ ටික හරි කරන්න පුලුවන්නම් අපිට සයිට් එකක් රෑන්ක් කරන එක කෙසේ වෙතත් ඉගෙනගන්න හරි පුලුවන් මොනවා හරි.දැන් මගේ සයිට් එක පලවෙනි පේජ් එකේ කිව්වනෙ....ඒක සයිට් එක මත කී වර්ඩ් එක මත ඩිපෙන්ඩ් වෙනවා. මේක පොඩි සයිට් එකක්. මේක රෑන්ක් උනොත් මට උපරිම මාසෙට රුපියල් 60,000ක් වගේ ගන්න පුලුවන් වෙයි.ඒකයි මෙච්චර ලේසි.
කොහොමද කීවර්ඩ් එකක් හොයන්නෙ කියලා මේ ගෲප් එකේම ආටිකල් පලවෙලා ඇති.මේ ගෲප් එකට අදාල Forum එකෙත් බලන්න පුලුවන්.Uptodown වගේ සයිට් එකක් බලලා Keywords, Apps හොයාගන්න පුලුවන්..
පුලුවන්නම් උත්සහ කරලා බලන්න...
Comments