මෙලෝම දෙයක් දන්නෙ නැති අයට....
බැලුවද මම හොයන ගාන... කැමති නම් සතුටු වෙන්න,නැතිනම් දුක් වෙන්න,හූල්ලන්න...
දැන් හරිද...
දැන් මේ Screen Shot එක දිහා හොඳට බලන්න...
මුකුත්ම දන්නෙ නැති කෙනෙක් මුලින්ම Number 1 එකට (https://www.wigasa.lk/adsense-sinhala/) ගිහින් නිකන් බලන්න මොකක්ද යකෝ ඇඩ්සෙන්ස් කියන්නෙ කියලා..
කාටවත් පදිරි වෙන්න එපා ගහපන් ගූගල් එකේ Adsense Sinhala කියලා.එන මගුල් තව බලලා ඔලුවට දාගනින්...
දැන් මොකක්ද කරන්න ඕනෙ..ආසයි වගේ නම් 2( https://www.youtube.com/user/SinhalaSEO ) බලන්න...ඕක පරණම යූටියුබ් වීඩියෝ එකක්. ඔන්න ඕක නිකන් ඉවර වෙනකන් බලන්න.එතකොට ගැම්මක් එනවා.
ඔන්න එහෙනම් ලසන්ත අයියගෙ ෆෝරම් එක බලන්න ඕනෙ. Nmber 3 එකේ කවුද මන්දා කොල්ලෙක් ලස්සනට වැඩ ටිකක් කරන් යනව... ( https://www.forum.entrepreneursclub.lk/…/adsense-journey-to… )එයාගෙ එක තමයි ඒ... ඕක බැලුවම සමහර උන්ට තේරෙයි සමහර උන් අන්දුන් කුන්දුන් වෙයි.. කමක් නෑ නිකන් ඔලුවෙ තියා ගන්න... මේක නිකන් බලන්න ඕනෙ කියලා...ඔය ෆෝරම් එකේ තව ත්‍රෙඩ්ස් තියෙනවා ඒවත් බලන්න
ඊට පස්සෙ ඔන්න ඔය ලින්ක් එකට ගිහින් ඔන්න ඔය මනුස්සයගේ ප්‍රොෆයිල් එක බලන්න number 4 ( https://www.facebook.com/rdlasantha/photos_albums ).මීට වඩා ලස්සන උදාහරණ නෑ.අන්න එයා වගේ වෙන්න ඕනෙ නම් විතරක් ඉතුරු ටිකට යන්න ඕනෙ.නැතිනම් ජොබ් එක කරගෙන සතුටින් ජීවත් වෙන්න....
දැන් ඔක්කොම බැලුවෙ සිංහල වලින්නෙ.දැන් ඉතින් සිංහල වලින් ඉතුරු ටික කරන්න අමාරුයි...
උඹලට අවුරුදු 3ක් වත් කැප කරන්න පුලුවන්නම් මෙන්න මේ ෆෝරම් number 5 ( https://www.blackhatworld.com/ ).
එක බලන්න ඕනෙ බන් පිස්සෙක් වෙනකන්... මේ ෆෝරම් එකේ සර්ච් කරන විදිහ මගෙන් අහන්න එපා.ගොඩාක් හොඳ ඇඩ්සෙන්ස් සම්බන්ද පෝස්ට් තියෙනවා. මිනිස්සු ආපු ගමන් මග තියෙනවා... ඔන්න ඕක බලන්න හොඳට ... ඊට පස්සෙ ටික ටික තේරෙන්නෙ ගනියි.
සයිට් එකක් හදන්න බැරිනම් ඉගෙනගන්න ඕනෙ, එංග්‍රීසි බැරිනම් කාව හරි ලව්වා ලියවගන්න ඕනෙ,සල්ලි නැතිනම් සල්ලි හොයාගන්න ඕනෙ... ඔහොම ටික කාලයක් ගිහාම මෙන්න මෙයාගෙ වීඩියෝස් බලන්න.Number 6 ( https://www.youtube.com/user/backlinko ) ඒව තේරෙනවනම් උඹ දැන් තැනක ඉන්නවා...
අකුරක් අකුරක් ගානෙ කියලා දෙන්න වෙලාව නෑ. මම මේ සල්ලි දවසින් හොයපුවා නෙමෙයි... මගෙ ඉන්බොක්ස් එකට මැසේස්ජ් ඇවිත් තියෙනව 150කට එහා. මම කොහොමද රේප්ලයි කරන්නෙ..15 දෙනෙකුට වගේ රිප්ලයි කරනවා.එයාලට පොඩ්ඩක් හරි දැනුම තියෙනවා.ඒ නිසා ටිකක් ලේසියි..
අනුන්ට බනින්න එපා.කවුරුත් බැඳිලා නෑ කියලා දෙන්න.ඒ කාලෙ මේවා ඉගෙන ගන්න තැන් නැහැ. දැන් කොච්චර තැන් තියෙනවද... සිංහලින් උනත් එක එක දේවල් තියෙනවා... පුලුවන්නම් කරපන්.
ඔන්න තව දවස් තුනකින් කවුරු හරි කෙනෙක් අහනවා ඇඩ්සෙන්ස් කියන්නෙ මොකක්ද කියලා..ඒ වෙලාවට තමයි ඉතින් උගෙ අ....
අවුරුදු 3ක් වත් කට්ට කන්න පුලුවන්නම් විතරක් මේකට බැහැපන්.බැරි නම් වැඩ කරපු මිනිස්සු ගත්තු වාහන දිහා බල බල හූල්ලපන්...
මොකෙක් හරි Adsense Basic කියන්නෙ මොකක්ද ඇහුවොත් මේක පෙන්නපන්.


